Bloody Mary

Bloody Mary

Bloody Mary යනු ජනප්රවාද පුරාවෘත්තියක් අනාගතය ගැන හෙළි කිරීමට මවාපාන. එම Bloody Mary අවතාරය ඇත්තටම පෙනී සිටින්නේ ඇගේ නම Bloody Mary කියා තුන් වතාවක් තනිව කැඩපතක් ඉදිරියේ කියා සිටීමෙන් එම හොල්මන පෙනී සිටිනවා. නැතහොත් පසුව හෝ එය කියපු කෙනා තනි වූ අවස්ථාවක් බලා එම අවතාරය පෙනී සිටිමින් බිය කරන්න හෝ ගෙල සිර කර මරා දමන බව සඳහන් කරනවා. ඒ වගේම “Mary Worth,” “I Believe in Mary Worth,” “Mary Worthington,” “Mary Jane,” “I Believe in Mary Whales,” “Mary White,” “Hell Mary,” යන නම් වලින්ද එම අවතාරය හඳුන්වනු ලබනවා.

අනිත් විශේෂ කරුන නම් මෙම Bloody Mary අවතාරය පෙනී සිටින්නේ තරුණ කාන්තාවන් හටයි. ඓතිහාසිකව ගත් කළ මෙම චාරිත්ත්‍රය සිදු කරන්නේ, තරුණ කාන්තාවක් අඳුරු නිවසක එක අතකින් ඉටිපන්දමක් දෑතින් ගෙන, අනිත් අතින් කැඩපතක් දෙස බලා Bloody Mary නම තුන් වතාවක් අමතා එම නිවසේ උඩ තට්ටුවට ආපස්සට ගමන් කිරීමෙන් තමන්ගේ අනාගත සහකරුවා පෙනී සිටින බව විශ්වාස කරමින්. කෙසේ වෙතත් ඒ වෙනුවට කැඩපතෙන් පෙනෙන්නට පටන් ගන්නේ හිස් කබලක (Grim Reaper – මේ ග්‍රිම් රීපර් ගැනත් ඉදිරියේදී ලිපියක් ලියල දාන්නම්කො) අවතාරයක්.

පසුව මෙම චාර්ත්ත්‍රය තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් පෙනී සිටිමින් සිදු කරනු ලබයි. බොහෝ ගැහැණු ළමුන් ඉටි පන්දමක් දල්වා කාමරයට හෝ නාන කාමර‍යට ගොස් තුන් වතාවක් Bloody Mary කියා සජ්ඣායනා කිරීමෙන් එම අවතාරය පැමිණෙන බව අදහයි. එසේ පැමිණෙන Bloody Mary අවතාරය ව්ටෙක “හිතකාමී හෝ නපුරු” විය හැක. කෙසේ හෝ එම අවතාරය විසින් ඇගේ නම කියා සිටින කෙනා හට ශාප කිරීම, ගෙල සිර කොට මරා දැමීම, ඔවුන්ගේ ආත්මයන් සොරා ගැනීමට හෝ රුධිරය පානය කිරීමට තැත් කරන බව නූතන පුරාවෘත්තයන්හි පවසයි.

දිනක් ගැහැණු ලමෝ කිහිප දෙනෙක් රාත්‍රියේ ඔවුන්ගේ යහළුවෙකුට සම්ච්චල් කලේ ඇයට තවමත් පෙම්වතෙක් නැතැයි කියාය. ඉතින් අනිත් මිතුරියන් ඇයට පැවසුවා “ඔයාට වෙනවා දැන් තනියම ගිහින් Bloody Mary කියන්න තුන් වතාවක්ම”. එවිට එක් ගැහැණු ළමයෙක් ඇය අතට ඉටිපන්දම දී බලයෙන්ම ඇයව නාන කාමරයට තල්ලු කලා. පසුව ඇතුලතින් දොර වසා තුන් වතාවක් කියන තුරු එළියට නොපැමිණෙන ලෙස ඇයට තර්ජණය කලා. ඉතින් අසරණ වූ ඇය නාන කාමරයේ දොර අගුලු දමමින් ඉටි පන්දමද අතින් ගෙන එහි තිබූ කණ්නාඩිය දෙස බලා “Bloody Mary” යැයි තුන් වරක් හයියෙන් අනෙක් මිතුරියන්ට ඇසන සේ කියා සිටියේ යාළුවන්ගෙන් බේරෙන්න බැරිතැනය.

ඇය එසේ කියා අවසන් කොට අමුතුවෙන් කිසිවක් සිදු නොවූ හෙයින් ඇය නැවත දොර වෙතට ගමන් කරන්නට විය. නමුත් ඇයට එහි ළගා වෙන්නට පෙර ඇගේ පහනේ ආලෝකය නිවී ගියේ ඇයව මවිතයට පත් කරමිනි. ඇය කරා පැමිණි සීතල සුළඟත් මුස්පේන්තු අන්දකාරයත් හැරුනු කොට ඇය බියෙන් වෙව්ලමින් දොර වෙත ගොස් අගුල ඇරීමට තැත් කලද එය පලක් නොවීය. ඇය එවිට් තම මිතුරන්ගෙන් දොර අරින ලෙස බැගෑපත්ව කෑ ගසා වැරෙන් දොර වෙත පහර එල්ල කළේය. නමුත් මේ කිසිවක් ගනන් නොගත් ඇගේ මිතුරන් එය විහුලුවට ගෙන මහා හඬින් සිනා සුනා පමිණි. කිසියම් කෙනෙකු ඇය පසු පසින් සිටින වග ඇයට වැටහුණු හෙයින් ඇය විගස නාන බේසම ලගට පැන සිදුවන්නේ කුමක්දැයි නොදැන බියෙන් ගල් ගැසී සිටියේය. එවිට නාන බේසමේ කරාමය විවර වී එයින් ලේ ගලා ආවේ ඇගේ බිය දෙගුණ තෙඟුන කරමින්ය. එවිට ඇයගේ ඉදිරිපසින් හිටගෙන සිටියේ මේරි නොහොත් රුදුරු අවතාරයයි. ඇය බියෙන් විලාප දෙමින් පස්සට යන්න තැත් කලත් ඇගේ පය පැටලී බේසම මත වැටුනාහ.

පසුව මේ කිසිත් නොදන්නා ඇගේ යෙහෙළියන් ඇයගේ නිහඬතාවය නිසා ඇයට කතා කලද ඇයගෙන් පිළිතුරක් නැති නිසා ඔවුන් දොරට පහරදී එය ඇතුලට පැමිණ බලන විට ඇය ලේ විළක් මැද මරණාසන්නව සිටිනු දැක සියලු දෙනා මරහඬ දී කෑ ගසන්නට වූයේ ඇගේ මිතුරියගේ සිරුර දෙස බලමින්ය.

ප.ලි –

මේ සියලුම විස්තර මම අන්තර්ජාලයේ තිබුනු ලිපි කිහිපයකින් තෝරා සිංහලට පරිවර්තනය කර ලිව්ව. මේ ගැන Supernatural කියන TV Series එකේ Bloody Mery කියලා Se.01 Epi.05 එකේ කථාවක් ගියා. ඒක බලපු කට්ටිය නම් දන්නව ඇති මේ වගේම කථාවක් ඒකෙ ගිය එක ගැන. ඔයාලත් හොල්මන් ගැන බලන්න දැනගන්න ආස නම් Supernatural කියන්නෙ ඒ ගැන යන සුපිරිම Tv Series එකක්.

~ ​​P. S. D. Anthony ~`

තවත් කතාවකින් නැවත හමුවෙමු. 😊 😉

PSD Anthony

I’m a Freelance Web Designer & Developer based in Colombo, Sri Lanka. I have serious passion for Web design. Web development and creating intuitive, with over a decade of experience.

Leave a Reply