Hanako-san

Hanako-san

අද නම් කියන්නේ හැනකො-සැන් (Hanako-san) කියන අවතාරයක් ගැන. මන් හිතල ලියපු එකක් නම් නෙම්යි මේක. ජපන් පුරාවෘත්තියක්.

හැනකො-සැන් (Hanako-san) යනු තරුණ ගැහැණු ආත්මයක්. ජපන් නාගරික පුරාවෘත්තයන්ට අනුව ඇය බාලිකා පාසැලක තුන්වන මහළේ තුන්වන නානකාමරයේදී මිය ගොස් තිබෙන බවයි කියන්නෙ. හැනකො-සැන් ආත්මය 1980 ගණන් වලදී බොහෝ සෙයින් පාසල් ළමුන් බිය වීම නිසා ජනප්ප්‍රය වූවත් එහි ආරම්භය 1950 කාළය දක්වා දිව යනවා. සමහරුන් පවසන ආකාරයට ඇයගේ මව හෝ පවුළේ අයකු විසින් හැනකො-සැන්ව අමාණුෂික ලෙස ඝාතණය කල බවද පවසනවා. නමුත් පිළිගත් මතය අනුව දෙවන ලෝස සංග්‍රාමය සිදු වූ කාලයේ ගුවන් යානා වලින් හෙලන ලද බෝම්බ වලින් ඇය මිය ගිය ලෙසයි බොහෝ දෙනෙක්ගේ මතය වන්නේ. එවිට ඇය හැංඟි මුත්තන් සෙල්ලම් කරමින් සිට ඇති බවත් පසුව බෝමබ හෙළීමෙන් අනතුරුව ඇයගේ මළසිරුර පාසැලේ නානකාමරයෙන් හමු වී ඇතිබවයි පැවසෙන්නේ.

ඇය සිරුරෙන් පොඩි, පාසල් නිල ඇඳුම වන රතු කොට සායකින් තවමත් බාළිකා පාසල් වල සිටින බව පැවසෙනවා. කෙනෙකු නානකාමර පෙළෙහි අතුලට යාමට පෙර එහි තුන්වන කාමරයෙහි දොරට තුන් පාරක් තට්ටු කොට “හැනොකා-සැන්, ඔබ තවමත් සිටීද?” යන්න ඇසූ විට ඇය “ඔව්, මම මෙතන සිටිනවා”යැයි ඇගේ ආත්මය පිළිතුරු දෙනවා. එවිට වසා තිබූ දොර බාගෙට ඇරී ඇගේ අවතාරය පෙනී සිටිනවා. නැතහොත් ඔබ ඇතුලත සිටින විට ඇයගේ ලේ වැගිරෙන දෑතින තමන්ව අල්ලා ගන්නා බවද එය සිදු වූවන් පවසනවා. ඇගේ ආත්මය ලස්සන කටහඬින් කතා කලත් ඇගේ පෙනුම බියකරු ලෙස විරූපීව පෙනී සිටිනවා.

දැනට ඇයගේ ආත්මය ගැන චිත්ත්‍රපටි 4ක් ද කාර්ටූන් ඇතුලු තව පරිඝණක ක්‍රීඩා ද පැමිණ තිබෙනවා. ( යකෙක්ටත් ගිය කලක් 😁 ) දැන් ඉතින් මේක කියවපු ගෑණු ළම්යි ඉන්නවා නම් හැනකො-සැන් කියලා දොරටත් තුන්පාරක් තට්ටුවක් දාගෙනම ගිහින් බලන්න.

ස්තුතියි!

නැවත කතාවකින් හමුවෙමු.! 😃

PSD Anthony

I’m a Freelance Web Designer & Developer based in Colombo, Sri Lanka. I have serious passion for Web design. Web development and creating intuitive, with over a decade of experience.

Leave a Reply