සිහිනෙන් පැමිණි මහලු කත

සිහිනෙන් පැමිණි මහලු කත

 

මේක මම ලියපු පොඩි හොල්මං කතාවක්. කියවල බලන්න කියල ආරාධනා කරනවා. නමුත් අඩුපාඩු ඇති ඉතින් :} කියවල අඩුපාඩු තියෙනවා නම් කොමන්ටුවකින් පහතින් ලියන්න ඒක මට ඉස්සරහට තව කථා ලියන්න හොඳ අත්වැලක් වෙයි.


 

කඳු වලින් වට වූ මහජනයාට විවෘත වූ ප්‍රදේශයක මාගේ සුන්දර නිවස පිහිටා ඇත. නිතරම සිහිල් සුළං සමඟ පැමිනෙන සිසිලසත් නිසා මට එවලෙ කරන්න වැඩක් නොවූයෙන් මා හවස් යාමයේදීම කෙටි නින්දකට ගියේ උදේ වරුවේ සිට මා බෙහෙවින් වෙහෙස වූ නිසාවෙනි. කෙසේ වෙතත්, එදින රාත්‍රියේ මා අමුතුම සිහිනයක් දුටුවේ මෙලෙසෙනි. වයසැති ගැහැණියක් මාගේ කාමරය වෙතට පැමිණ මාව කාමරයෙන් පිටතට ගෙනියන්න සැරසුනහ. එවලෙහිම මා නින්දෙන් නැගිට වටපිට බැලුවේ අර මහලු ගැහැණිය කොහේදැ’යි කියා දැන ගැනීමටය. නමුත් එය සිහිනයක් නේදැ’යි සිතුන මා හට අමුතුම ආකාරයේ සිසිලසක් දැනුනි. එවිට මම කාමරයේ විදුළි පංකාව නිවා දමා නැවත නින්දට ගියේය.

පුදුමය යනු යළිත් මා හට නැවතත්ම එම සිහින‍යම මා දැකීමයි. නමුත් මෙවර මහලු කාන්තාව මා වෙතට පැමිණ සන්සුන්ව මා දෙස බලා “ඔබට දැන් එළියට යන්න වෙනවා” යැයි පැවසූ විට “මට බැහැ! එළියේ හරිම සීතලයි” කියා මා එයට පිළිතුරු දුන්නද ඇය එයින් සතුටට පත් වූ බවක් නොපෙණෙනි. එවිටම මාව ගැස්සී යළිත් නින්දෙන් ඇහැරුනේ මා කුමක් සිදුවූයේදැ’ යි සිතා ගත නොහැකිවය. එවිට මා හට දැක ගන්න ලැබූ දෙයින් මා තවත් විමතියට පත් වූයේ මා නිවා දමන ලද විදුලි පංකාව යලිත් ක්‍රියාත්මක වෙනු දැකීමෙනි.

සිදු වූ සියල්ල එසේ තිබියදී මා යලිත් කිසිවක් නොවූ හෙයින් සිතා මා පසු දින මාගේ රාජකාරියන් අවසන් කොට රාත්‍රියේ යළි නින්දට ගියේ පෙරදින සිදු වූ කිසිත් නොවූ ගානටය. කඳු අතරින් හමා ආ සිසිල් සුළං හේතුවෙන් මා විදුලි පංකාවද නොදා ඇඳ මත වැතිර ගත් සැනින් නින්දට ගියේය. පුදුමෙන් පුදුමය නම් යළිත් නින්දෙන් මා කළින් සිහිනය මෙන් මහලු කාන්තාව දුටුවේය. මෙවර ඇගේ සන්සුන් බව පහව ගොස් ඇති බවත් ඇය තරහින් “පිටත් වෙයන්! වහාම මෙහෙන් පිටත් වෙයන්!!” යැයි කෑ ගැසීය. එවිටම මාව යළිත් ගැස්සී නින්දෙන් ඇහැරුනේ ඇගේ රෝම පවා කෙලින් වී මා දහඩියෙන් නෑවී ගොස්ය. එවිට මාගේ ඇස් ඇරෙනවාත් සමඟ දුටු දෙයින් මා බියෙන් වෙලී ගියේ මා දැන් සිටින්නේ මාගේ නිදන කාමරයේ නොවේදැ’යි කියා හැඟුනු හෙයිනි. මා ඇත්තටම සිටියේ මාගේම නිවසේ ප්‍රදාන ශාලවේය. නමුත් මා කිසි දිනෙක නින්දෙන් ඇවිදින කෙනෙකු නොවන බවට මාගේ සිත හොඳා කාරයෙන්ම දනී. මා යලිත් මාගේ කාමරය වෙත හාවෙකු මෙන් පැන දිව්වේය. එවිටද යළිත් කාමරයේ විදුලි පංකාව ක්‍රියාත්මක වෙනු දැක මාව තව තවත් බියෙන් වෙව්ළා ගියේය.

තවත් දිනක් ගත වූ බැවින් එදින මාගෙ මව මගෙ නිවසට පැමිණ සිටියහ. නමුත් සිදුවූ කිසිත් ඇයට පැවසීමට හිතක් නොවීය. අප අසල්වැසි නිවසේ මිනිසුන් රැස්ව ඇති සැටි දුටු මා එදෙස විපරම් කර බැලීය. එවිට පොලිසියෙන්ද පැමිණ ඇති බැව් වැටහුණු මා හට එය කුමක්දැයි මාගේ මවගෙන් විමසීහ. ඇය පැවසුවේ අසල්වැසි නිවසේ සිටින වයසක කාන්තාවක් දින තුනකට ඉහතදී හෘදයාබාධයක් ඇති වී නිවසේ මිය ගොස් ඇති බවයි. එය ඇසීමෙන් මා තැති ගෙන එම නිවස දෙසට දුන්නක විදින්නාක් මෙන් එක පිම්මේ දිව ගියේ එම කාන්තාවගේ මළ සිරුර දැකීමටය. අහෝ! පුදුමයකි. මා දින දෙකක් තිස්සේ හීනයෙන් මා වෙත පැමිණ මා හට කතා කරපු ඒ මහලු කාන්තාව උඩබැලි අතට වැටී ඇගේ අවසන් හුස්ම හෙළා සිටිනු දැකීමෙන් මා තැති ගත්තේය.

කිසිවෙක්ට මෙය කියා ඔවුන් මාව විශ්වාස කරයිද නැද්ද යන්න මාගේ සිත දැඩි අරගලයක නිරත වූ බැවින් අවසානයේ මන් මෙය මාගේ දින පොතේ මෙලෙස සටහනක් ලෙස ලියා නිම කරමි.

නිමි.

තවත් කතාවකින් නැවත හමුවෙමු. 😊 😉

 

PSD Anthony

I’m a Freelance Web Designer & Developer based in Colombo, Sri Lanka. I have serious passion for Web design. Web development and creating intuitive, with over a decade of experience.

Leave a Reply