සූට් බූට් දිග කලිසම් රෝල්ස් රොයිස් ගමන් බිමන්
අද මැදුරේ හෙට පැදුරේ පිස්සා මේ පිස්සු පූසා මේ
පිස්සා මේ පිස්සා මේ පිස්සු පූස මේ…//
තම වලිගය අල්ලන්නට වටේට කැරෙකෙන පූසා
මේ විගඩම දැකගන්නට කවුරු නොවෙද ආසා
දෙස් පලුවෙක් ගේ විලසා කුණු කූඩෙන් බෙල්ල දමා
බොරු බේගල් ඇද දමලා සහචරයින් කරයි මුලා…
පිස්සා මේ පිස්සා මේ පිස්සු පූස මේ…//
අන් කුසගිනි නිවන නියා කට බලියන් ඉන්න එකා
මීයා කටට වැටුනු වහා සිල්ගත් සේමා
තම වාසිය ලැබෙන තුරා පුරු පුරු ගා කෙඳිරි ගගා
බිම පෙරලෙයි වැඳ වැටිලා කකුලෙ වෙලෙයි මේකා…
පිස්සා මේ පිස්සා මේ පිස්සු පූස මේ…//
හොරා කෑම බැරිවුන දා දත් විලිසා නිය විහිදා
කොන්ද නවා දුන්න ලෙසා පහුරු ගායි පූසා
පිස්සා මේ පිස්සා මේ පිස්සු පූස මේ…//
Download Song PDF
-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-
ගායනය: ගැමුණු විජේසූරිය