සර්. ජේම්ස් ඕ කොනර්’ගේ අවතාරය.

සර්. ජේම්ස් ඕ කොනර්’ගේ අවතාරය.

මේ කථාව මන් කියෙව්වෙ internet එකේ තිබිලා ගොඩාක් කාලයකට කලින්. එතින් ඉංග්‍රීසියෙන් තිබ්බ ඒ කතාව සිංහලට හරවල ඒකෙ සමහරක් වෙනස්කම් කරල මේ විදියට ලියල දාන්න හිතුවා. ඉතින් මේක හොඳයි ද අඩුපාඩු එහෙම තියනවා නම් කියන්න මොකද ඊළගට ලියන එවාට ඒක මට ගොඩාක් උපකාරී වෙන්න පුළුවන්.

සර්. ජේම්ස් ඕ කොනර්’ගේ අවතාරය.

බල්ගේරියාවේ, බුර්ගස් නම් නගරයේ පුරා පුරාවෘත්තයක් පවතිනවා. ඒ බොහෝ කලකට පෙර නිවසේ හිමිකරු වන සර්. ජේම්ස් ඕ’ කොනර් නම් පුද්ගලයෙකු විසින් යක්ශයා වෙනුවෙන් පවත්වනු ලබන පූජාවක් සඳහා ඔහුගේ පවුලේ සියලු දෙනා ඒ වෙනුවෙන් ඝාතනය කරන ලදි. අවසානයේ ඔහු ඒ ගැන දැඩි ලෙස මානසිකව බිඳ වැටීමෙන් මිය ගියේය. නමුත් ඔහුට ඔහුගේ පවුලේ සහ තම බිරිඳගේ ඥාතීන්ගෙන් ලද ශාපයන්ගෙන් සදාකලිකව අවතාරයක් ලෙස එම නිවසේ අරක් ගෙන සිටියි.

පසුව වසර කිහිපයක් ගත වූ පසු එම නිවසට ගෝල්ඩ්වින් (Goldwins) නම් ඉංග්‍රීසි පවුලක පිරිසක් එම නිවසේ පදිංචි වීමට පැමිණියේ නගරයේ ජීවිතය කම්මැලි වූ නීරස වීමෙන් ඔවුන්ට ඕ’ කොනර් නිවසේ එහි දැකුම්කලු දර්ශනය ඔවුන් වෙනුවෙන් පරිපූර්ණ වූ නිවසක් ලෙස සිතාය. නමුත් ඔවුන් ඕ’ කොනර් නිවසේ තිබූ කථා සියල්ල ඔවුන් දැන සිටියද ඒවා කටකථා සහ මිත්‍යා ලෙස බැහැර කරමින් ඔවුන් එහි පදිංචි වූයේය. පසුව ඔවුන් එය නැවත ප්‍රතිසංස්කරණය කර යළි හොඳ පෙනුමෙන් නැවත ගොඩ නැංවුයේය.

පදිංචියට පැමිණි ගෝල්ඩ්වින් පවුලේ සැම සතුටින ජීවත්ව සිටියදී ඉරිසියා සහිත ක්‍රෝධ දුෂ්ටසහගත ඕ’ කෝනර්ගේ අවතාරය ඔහුගේ වෙලාව පැමිනෙණ කල් බලා සිටියේ ඔවුන්ව බිය කර තම නිවසෙන් පන්නා දැමීමට සිතා දින ගනිමින්ය. දිනක් රාත්‍රී අහාරය සඳහා සියලු දෙනා රැස්ව සිටින විට හදිසියේ ඔවුන්ගේ කෑම මේසයේ දමා තිබූ බ්ලැන්කට් එක කවුරුන් විසින් හෝ වේගයෙන් ඇඳ දැමීමට ලක් කරන ලද අතර කෑම මේසයේ තිබූ සමහර කෑම පවා බිම වැටුනේ ඔවුන් සියලු දෙනා විමතියට පත්කොටය. එයින් හටගත් බීතියෙන් ගෝල්ඩ්වින් මහත්මියත් ළමයිනුත්ගේ බිය පහ කිරීමට ගෝල්ඩ්වින් මහතා එය විහිලුවක් ලෙස මහා හඬින් සිනාසී “ගේ අලුත් කරත් මේකට අලුත් රෙද්දක් දාන්න කවුරුත් මතක් කරේ නැහැනෙ” යි කියා පවුලේ අනිකන්ගේ සිත් යළි පියවි තත්වයට පත් කළහ.

තවත් දිනක් මෑතකදී මිලදී ගත් නව රූපවාහිනීය ගෙන චිත්‍රපටයක් නැරඹීම සඳහා ගොල්ඩ්වින් පවුලේ සැම එකතු වී සිටියේය. ඔවුන් එය නරඹන අතර තුර කිහිප සැරයක්ම ගෙදර වසා තිබූ විදුලි බුබුලු පත්තු වී නිවෙන්නත් පටන් ගෙන රූපවාහිනියද නිවී ගියේ සියලු දෙනා එයින් විමතියට පත් කරමින්ය. නමුත් ගොල්ඩ්වින්ගේ සිතේ යන්තමින් ඕ’ කෝනර්ගේ හොල්මන් ගැන සැකයක් පහල වූ බැවින් ඔහු නැවැත සිය පවුලේ අය සනසා නැවත රූපවාහිනිය ක්‍රියාත්ම කොට චිත්‍රපටය නැරඹූහ.

පසු දිනක, පවුලේ දිවා ආහාරයට වයින් ලබා ගැනීම සඳහා ගෝල්ඩ්වින් මහතා තම දියණිය ජේන් අමතා වයින් බෝතලයක් රැගෙන එන්නැ’යි ඉල්ලා සිටීයේය. ඇය නිවසේ බිම් මහලට දුව ගියේ හොඳයින් වයින් බෝතලක් ලබා ගැනීමේ සිතිනි. නමුත් ඇයට එය රැගෙන ඒමට සැරසෙත්ම සිදු වූයේ කිසිත් නොසිතු දෙයකි. ඕ’ කෝනර්’යන්ගේ අවතාරය තමා දෙස බලා සිටින බව ඇගේ මුහුණට මූණ නෙත ගැටුණි. බියෙන් බියට පත් ඇය කෑ මොර ගසා වයින් බෝතලයද දමා පැන දුවන්න තැත් කරන්නට යන විට අවතාරය තමා ලගට පැමින කුමක්ද කියන්නට සැරසුනි. බියෙන් පසු වූ ඇයට ඕ’ කෝනර් අවතාරය ඇයට ලං වී කියා සිටියේ තම පවුලේ ශාපයෙන් ඔහුට මිදෙන්න අවශ්‍ය නමුත්, ඒ සඳහා ඔහුගේ බිරිඳගේ මාලයක් ගෙන තම සොහොනේ ගෙන තබන්න යයි ඔහු සඳහන් කළේය. එසේ නොකරන කල්හි තමා මෙම නිවසේ අවතාරයක් සේ සඳා කල්හි බඳී ඇති අතර ඔහුට මෙම ශාපයෙන් මිදීමට නොහැකි බව ඇය හට පැවසීහ.

පසුව මේ විස්තරය සියලු වචනයක් නෑර තම පියාට පැවසූ ඇය, පියාට පැවසුවේ ඕ’ කෝනර් අවතාරය තමාට බියට පත් කිරීමක් කරදරයක් කිරීමට කිසිත් උත්සහ නොකෙරූ අතර ඔහුට අපගේ උදව් පමනක් අවශ්‍ය බව යයි ඇය තම පියාට යළි යළිත් කියා සිටියේය. පසුව ගොල්ඩ්වින් පවුලේ සියලු දෙනා තම දියණිය ජේන් පැවසූ ආකාරයට ඔවුන්, සර්. ජේම්ස් ඕ’ කොනර් නම් පුද්ගලයාගේ බිරිඳගේ මාලයක් සොයා ඇවිත් පැවසූ ආකාරයට ඕ’ කෝනර්ගේ සොහොනෙහි එම මාලය මිහිදන් කරන ලදි. එයින් පසුව ඔවුන්ට ඕ’ කොනර්ගේ අවතාරය කිසි දිනක යළි පෙනෙන්නට නොවීය. ගොල්ඩ්වින් මහතාගේ දියණිය පැවසුවේ එම අවතාරය අපව කිසි දිනක බිය කිරීමට නොව අප හා සම්බන්ධ වීමට ගත් උත්සහයන් වන්නට ඇතැයි අවසානයේ තම පවුලේ අයට පැවසීහ.

නිමි.

තවත් කතාවකින් නැවත හමුවෙමු. 😊 😉

PSD Anthony

I’m a Freelance Web Designer & Developer based in Colombo, Sri Lanka. I have serious passion for Web design. Web development and creating intuitive, with over a decade of experience.

Leave a Reply