A Monster Calls (2016) The First Story | සිංහල පරිවර්තනය

A Monster Calls (2016) The First Story | සිංහල පරිවර්තනය

හුඟක් කාලෙකට කලින් නගරයක් තිබුනා. පාරවල්, කැලෑවල් වලින් පිරිච්චි. ඒක බුද්ධිමත් රජෙක් පාලනය කරපු සෞභාග්‍යසම්පන්න රාජ්‍යයක්. මිනිස්සු සාමෙන් හිටියා. ඒත් සාමයටත් වටිනාකමක් තියෙනව. රජතුමාට ඔහුගේ පුත්‍රයින් තුන් දෙනාම යුද්ධයේදී නැතිවුනා. යෝදයින්ට විරුද්දව, මකරුන්ට විරුද්ධව, සහ විශිෂ්ඨ මායාකරුවන් විසින් මෙහෙයවුව සටන් වලදී. කඩු පහරවල් ඇනෙද්දි ලැබෙන සද්දය දිහා කන් යොමුකලොත් ඔයා මොකුත් කියන එකක් නැ. රැජිනට තම දරු තුන්දෙනාගේ අකල් මරණයන් විඳදරාගන්න බැරි උනා. ඇය මේ ලෝකෙ අතෑරල ගියා, නමුත් මේ පරම්පරාම පවත්වාගන්න යම් කෙනෙක් ඉතිරි කරමින් ඔහුගේ අනාථ මුනුපුරා. ඒ දරුවා කුමාරයෙක් ලෙස හැදී වැඩුනා. ඔහුගේ නිර්භීත බව සහ කරුණාවන්ත කමින් මුලු රාජධානියම තමන් වෙත ඈඳගත්තා. ඔහුගේ ජනතාව ඔහුට ආදරය කලා. අපේ අනාගත රජු ඔබයි. ඒ අතරතුර රජු තවත් කසාදයක් කරගත්තා. එන්න එන්නම රජු අසනීප උනා. ඒ වගේම විවිධ කටකතා පැතිරෙන්නට උනා ඒ රැජින නපුරු මන්ත්‍රකාරියක් ලෙස. ඇය රජුට වස දීමෙන් රජකම තමන් වවෙත ලබාගන්න සැලසුම් කලා. සති කිහිපයකට පසුව රජු මියගියා. රජුගේ ස්ථානය ලබාගැනීමට කුමරා තරුණ වැඩි උනා. ඒ නිසා නීතියේ නාමයෙන් රැජිනට වසරක කාලයක් රජකම හිමිවුනා. අනාගතය අඳුරු අපැහැදිලි උනා. ඒ අතරතුර කුමාරයාගේ හදවත එක් තැනක නැවතුනා. ආදරයෙන් බැඳුනා. ඇය ලස්සනයි වගේම බුද්ධිමත්. ඒ වගේම ඇය ගොවියකුගේ එකම දුව උනා. රාජධානියේ අය මේදෙන්නාට කැමති උනා. කොහොමහරි රැජින මේ ගැන දැනගත්තා. ඇයව අයින් කරන්න තියෙන එකම දේ මේ කුමාරයාව සරණපාවා ගැනීම කියලා හිතුවා.

“මොකක්?” කෝනර් ඕ’මැලී විශ්මයෙන් අහුවා.
ඒක මහ කුජීතයිනේ. එයා ඔහුගේ ලොකු අම්මනේ, කුඩාම්මා..

එවිට රාක්ෂයා කිව්ව “. ඒ වගේම අමතක කරන්න එපා ඇය තවම තරුණ ලස්සන කෙනෙක් කියල. කොහොමහරි කුමාරයාට මේ වැඩේ ඇල්ලුවේ නෑ. ඔහු ගොවියාගේ දුවත් සමග රෑ දිවා නොබලා ඈතට ගමන්කලා. ඔහු යූ ගසක් තිබෙන තැනක් දක්වා ගමන් කලා.”

“ඒ ඔයා” කෝනර් ඕ’මැලී පැවසුවේ ඔහු දෙස බලාගෙන.

පහුවදා කුමාරයා ඇහැරුනා. “අවදිවෙන්න මගෙ පෙම්බරියේ” කුමාරයා පැවසුව නමුත් ගොවියාගේ දියණිය සෙලවුනේවත් නෑ. ඒ ගමන්ම ඔහු දැක්කා ඇගේ ඇඟේ ලේ තිබෙන බව.

ලේ? කෝනර් ඕ’මැලී ෂණිකවම පිළිතුරු දුන්න.

එවිට රාක්ෂයා පැවසුවා “කවුරුහරි කෙනෙක් ඊයෙ රෑ ඒ ගෑනු ළමයව මරල දාලා.”

මොකක්?

“ඒ රැජින” ඔහු දිගටම ඇඬුවා. “රැජින මගෙ බිරිඳව මරලා දැම්මා.” කුමාරයා පැවසුවා.

රටවැසියන සියල්ලම ඉතා ක්‍රෝධයෙන් ඉදිරියට පැමිණියා. දැන් සැඟවෙන්න වෙලාව හරි. එතනින් පස්සේ කවදාවත් රැජිනව දකින්න ලැබුනෙ නෑ.

නියමයි! එයාට එහෙම වෙන්න ඕනෙ. කෝනර් ඕ’මැලී පැවසුවා.

මේ කතාව තවම ඉවර නෑ.

“මං රැජිනව අරගෙන ගොඩාක් ඈතට අරගෙන ගියා, කාටවත් හොයාගන්න බැරි තැනක හංගන්න. මුහුද ලඟ තියෙන ගමකට, එතකොට එයාට අලුත් ජීවිතයක් ගතකරන්න පුලුවන්” රාක්ෂයා පැවසුවා.

ඒත් එයා ගොවියාගෙ දුවව මැරුවා. ඔයා කොහොමද මිනීමරුවෙක්ව බේරගත්තේ? ඔයානම් ඇත්තටම යක්ශයෙක් තමයි.කෝනර් ඕ’මැලී තරහින් කිව්ව.

“මං කොයිවෙලාවෙවත් කිවුවෙ නෑනෙ එයා ගොවියගේ දුවව මැරුව කියල” රාක්ෂයා එසේ පවසා “මං කිවුවෙ කුමාරයා එහෙම කිවුව කියල විතරයි. කුමාරයා එදා රෑ නිදාගත්තෙම නෑ. ඔහු ගොවියාගේ දුව නිදාගන්නකම් ඉවසලා හිටියා. ඊටපස්සේ ඔහුගේ ඇත්තම සැලැස්ම ක්‍රියාත්මක කලා.

“මොකක්?” කෝනර් ඕ’මැලී විශ්මයෙන් අහුවා.

ඔහු දැනගෙන හිටියා ඇයව මැරුවා කියන පණිවිඩය මගින් රැජිනට එරෙහිව ජනතාව එක් රැස් වෙනව කියල.

මේක මහ දරුණු, වංචාසහගත කතාවක්.

මේක ඇත්ත කතාවක්. ගොඩක් ඇත්ත දේවල් දැනෙන්නේ වංචාවක් කියල වගේ තමයි. කුමාරයා ඔහුට අයිති රාජධානිය ලබාගත්තා. ගොවියන්ගේ දුවලා නිකරුනේ මැරෙන්නේ නෑ. ඒවගේම සමහරවෙලාවල් වලට මායාකාරියන් බේරිලා ඉන්න ඕනේ. බොහොම ඉක්මනින් ඔයා පුදුමයට පත්වෙයි.

ඒ කියන්නේ හොඳ කුමාරයා තමයි මිනීමරුවා, එතකොට රැජින ජරා මායාකාරියක් නෙමෙයිද?

නෑ, රැජින මායාකාරියක් තමයි.

“ඒකෙන් තවත් නපුරු දෙයක් උනත් වෙන්න පුලුවන්”කෝනර් ඕ’මැලී පැවසුව.

කාටද ඕව කියන්න පුලුවන්?

“එහෙනම් මොකටද එයාව බේරගත්තේ?” කෝනර් ඕ’මැලී විශ්මයෙන් ඇහුවා.

මොකද ඇය නෙමෙයි මිනීමරුවා. එයා රජුට වස දුන්නේ නෑ. ඔහු වයසට ගියා විතරයි. කුමාරයාව කවදාවත් අහුවුනේ නෑ ඒකට. නැ, ඔහු හොඳ රජෙක් උනා. ඔහු තමන්ගේ අවසන් දවස දක්වාම ඉතා හොඳින් රාජධානිය පාලනය කලා. ඉතා හොඳින්.

මට තේරෙන්නෙ නෑ. එතකොට කවුද මෙතන හොඳ කෙනා?

හැම තිස්සෙම හොඳකෙනෙක් ඉන්නේ නෑ කෝනර් ඕ’මැලී. ඒවගේම හැමතිස්සෙම නරක කෙනෙක් ඉන්නෙත් නෑ. ගොඩක් මිනිස්සු ඔය කියන හේතු දෙක අතරේ හිරවෙලා ඉන්නව.


පළවෙනි කතාව මෙතනින් අවසන්. මෙහි පරිවර්තනය බයිස්කෝප් වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. එහි සම්පූර්ණ අයිතිය උපසිරිසියෙහි කෘතුවරයා හට හිමි වේ.

PSD Anthony

I’m a Freelance Web Designer & Developer based in Colombo, Sri Lanka. I have serious passion for Web design. Web development and creating intuitive, with over a decade of experience.

Leave a Reply